Thursday, September 13, 2012

කව්ද බොලේ Droid ?

මෙයාව දැකල ඇතිනෙ හැමොම වගේ!!! ඒත් කවුරැවත් මෙයගෙ නම දන්නවද??

දැන් ඉතින් මට කෑගහන්න එපා මෙච්චර වැඩ තියාගෙන අහවල් දේකට මේ කාටුන් එකක නම හොයනවද කියල! මටත් අහම්බෙන් අහුඋන දෙයක්!

ඒත් හරිහැටි කියල එක නමක් නම් හම්බුනේ නෑ

මයික් (Mike) කියනන්නෙ මෙයාට කියන එක නමක්!! එයාට එහෙම කියන්නෙ ඩිවෙලොපර්ස්ල වගයක්!

Google Engineers ල මෙයාට ඞ්‍රොයිඩ් (Droid) සහ බග්ඞ්‍රොයිඩ් (BugDroid) කියලත් කියනටලු.

Goolge office එක ඉස්සරහ ඉන්න මෙයාට බිග්ඞ්‍රොයිඩ් (BigDroid) සහ එයත් එක්ක එතන ඉන්න බලුපැටියට ඇලෙක්ස් (Alex) කියලලු ගොඩක්ම අය කියන්නෙ!


ආයුබොවන් ANDROID ……. ඉක්ලිප්ස් හුටස්!


ඇන්ඞ්‍රොයිඩ් ඩිවෙලොප් කරන්න කියල හිත හදාගෙන පටන් ගන්න තැනම හිර උනොත් එතනම වැඩේ අත් නොඇර වැඩ් ගොඩදාගන්න පොඩි හෙල්ප් එකක් දෙන්නයි මේ හදන්නෙ! එක්ස්පර්ට්ලට නම් නෙවෙයි මේ කතාව!

මේ දවස්වල ස්මාර්ට් phone එකක් කියන්නෙ ඉතින් nothing වගේනෙ! සැම්සුන්ග් Galxy කියයි, සැම්සුන්ග් S III කියයි, නොකිය Lumia කියයි, දෙකම එක නම් ඇයි එකකට වැඩිපුර ගෙවන්නෙ කියල ඇපල් iPhone ගන්නෙ ඇයිද අහයි?

මේ ස්මාර් phone හැම එනනම ඒවාට ආවේනික මෙහෙයුම් පද්ධති තියෙනව. ඇන්ඞ්‍රොයිඩ් කියන්නෙත් ඒ වගේ OS එනන්. කොහොම කොහොමහරි මේ දේවල් නිසා ඇන්ඞ්‍රොයිඩ් කියන නම දැන් අපට ගොඩක් පුරැදුයි! (Nokia වල වත් Apple වල වත් Android මෙහෙයුම් පද්දතිය නෑ හො‍ඳේ!)

Android development ගොඩක් අය අත්හදා බලන්න යනවනෙ ඒවට ගොඩක් උදව් කරන ටියුටොරියල්ස් වීඩියෝස් එහෙමත් ගොඩක් තියෙනව. මේ තියෙන්නෙ අපේ faculty එක් ඉන්න ඩයල් 2ක ගෙ ඒ වගේ හෙල්ප් 2ක ලින්කු!


මමත ඉතින් අහන්නෙ කරන්නෙත් නැතුවම ලින්කු 2 දැම්ම, අවුලක් වෙන එකක් නැනෙ!


මමත් ඔය වගේ පොඩ්ඩක් test වැඩක් කරන්න ගිහින් පොඩ්ඩක් හිරඋනා!
වැඩේ කරන්න ගොඩක් වෙලාවට ඉක්ලිප්ස් (Eclipse) කියල Integrated DevelopmentEnvironment (IDE) එකක් තමයි පාවිච්චි කරන්නෙ. මේක run කරන්න ගිහින් හිර උන තැනක් තමයි මේ පෙන්නන්න යන්නෙ. Install කරන්න මුකුත් නෑ download කරාම එන්නෙ zip file එකක් අන්න ඒ zip file එක unzip කරල run කරන්න තියෙන්නෙ.

Failed to Load the JNI shared Library ?


Eclipse run කරනකොට මෙන්න මෙහෙම වැඩක් උනා!

අපේ laptop දැන් ගොඩක් ඒව 64bit අපේ මෙහෙයුම් පද්දතියත් 32bit හරි 64bit හරි වෙනව. අපි install කරන softwares මේ version 2ම ඒව වෙන්න පුලුවන්. මෙතනදි වෙලා තියෙන්නෙ JDK වලයි Eclipse වලයි version එක නොගැලපෙන එක! මගේනම් මෙතනදි 64bit Eclipse එක්ක තිබුනෙ 32bit JDK version එකක්. මෙතනදි Eclipse හොයන්නෙ 64bit JDK version එක. ඒ නිසා මම 64bit JDK version එකක් install කරගත්ත.

තවත් සමහර වෙලාවට 32bit JDK එක system එකේ missing  ෙවෙන්න පුලුවන්! කොහොම හරි අන්තිමට කරන්න වෙන්නෙ version සමාන JDK හා Eclipse system එකේ run කරන එක!

ඒ විදියට version සමාන JDK & Eclipse තිබුනත් තාමත් මේ අවුල එනවනම්, 
System Properties >> Environment Variables >> System Variables >> Path එකට JDK path එක සෙට් කරන්න!



ප්‍රත්‍යාවර්ත ධාරාව, ඇයි අමුතුද?


අපි පොඩිකාලෙ පුංචි AA size බැටරි කෑලි දාල බුදුරැස් මාලා කරකවල ඇති, LED තොරණ් ගහල ඇති, රේඩියෝ අහල ඇති! ඒත් මේ හැම දේම කලේ සරල ධාරා විදුලියෙන්. අද අපේ TV එක, washing machine එක, Refrigerator එක ,rice cooker එක , CFL bulb මේ හැම දේම වැඩ කරන්නෙ ප්‍රත්‍යාවර්ත ධාරාව නැත්තම් Alternating Current (AC) භාවිතයෙන්. මේ කතා කරන්න යන්නෙ AC වල ගුනාංග ටිකක් ගැන.


ඉලෙක්ට්‍රික් circuit එකක power එක අපට කෙලින්ම I2R විදියට මනින්න පුලුවන් වෙන්නෙ සරල ධාරවකදි විතරයි, AC  වලදි පොඩි කේස් ටිකක් එනව. මොකද සරල ධාරාවකදි බලනොපාන සාධක 2ක් වන ප්‍රේරක(Inductors) හා ධාරිත්‍රක(Capacitors) වලින් වන බලපෑම මෙකෙදි අපට සලකන්න වෙනව. Inductance (L) සහ Capacitance (C) කියන ගුනාංග දෙක එකට සැලකුවම Reactance (X) කියල කියනව. මේ Reactance එක Resistance (R) එකත් එක්ක සැලකුවාම පරිපතයක ගලන ධාරාවට ලොකු බලපෑමක් කරනව. එහෙම වෙන්නෙ යම් වෝල්ටීයතාවත් ප්‍රේරකයක් හරි ධාරිත්‍රකයක් හරි දෙපසට සැපයුවාම ප්‍රේරකයක් (ප්‍රේරකයක් කියන්නෙ coil එකක්නෙ) දෙපස ප්‍රේරනය වන (induce වෙන) විභව අන්තරය සහ ධාරිත්‍රකයකයක ගබඩා වන ආරෝපණ (charging of the capacitor) නිසා එතුලින් ගලන ධාරාව ස්ථායී (stable) වෙන්න යම් කාලයක් ගතවෙනව. මේනිසා voltage සහ current wave forms අතර පරතරයෙ වෙනසක් (displacement) ඇති වෙනව. මේ displacement ඒක නිසා වෝල්ටීයතාවය හා ධාරාව අතර කලා වෙනසක් (phase angle) කියල දෙයක් අර්ත දක්වනව. මේ phase angle එක lag වෙන්නත් පුලුවනි lead වෙන්නත් පුලුවන්.


පරිපුර්ණ (ideal) ප්‍රේරකයක මේ phase angle එක අංශක 90 ක් lagging. ප්‍රේරකයක දෙපස වෝල්ටීයතාව එය හරහා ධාරාව සහ කාලය අතර සම්බන්ධතාව අපට මෙහෙම පෙන්නන්න පුලුවන්.

V = L di/dt
ප්‍රත්‍යාවර්ත ධාරාව = Isin(wt) නම් (මෙහි I යනු peak current වේ)
di/dt = wIcos(wt)
එය ආදේශ කිරීමෙන්

V = L wIcos(wt) ලෙස ලබාගත හැක. එනම් ප්‍රේරකයක phase angle එක අංශක 90 ක් lagging බවයි.

ප්‍රේරකයකයක් යනු කම්බි දඟරයකි. ලෙන්ස් නියමයට අනුව මෙම දඟරය තුලින් වන වෙනස් වන චුම්බක ක්ෂේත්‍රය නියතව තබාගැනීමට චුම්බක ක්ෂේත්‍රයේ වෙනසට විරැද්ධ චුම්බක ක්ෂේත්‍රයක් ඇති කිරීමට දඟරය හරහා විද්‍යුත් ගාමක බලයක් ‍ප්‍රේරනය වනු ඇත. ධාරාව වෙනස් වීමේ සීග්‍රතාව වැඩිවන කල්හි උපරිම විද්‍යුත් ගාමක බලයක් පිහිටන අතර එය ධාරාව එහි වර්තමාන අගයේම තබා ගැනීමට උත්සාහ කරන පරිද්දෙන් දිශාව සකසා ගනී. ධාරාව වෙනස් වීමට මෙලෙස දක්වන භාදාව Reactance ලෙස හඳුන්වනු ලැබේ.

මේ අනුව ප්‍රේරකයකයක් හරහා විභව අන්තරය ඒ හරහා ගලන ධාරාවේ වෙනස් වීමට විරැද්ධව කරන ප්‍රතික්‍රියාවක් වේ. එම නිසා ධාරාව උපරිමයක් වන විට විභවය 0 වන අතර ධාරාව වෙනස් වීමේ සීග්‍රතාව උපරීම වන ධාරාව 0 වන විට විභවය උපරිම වේ. මෙය ප්‍රේරකයක phase angle එක අංශක 90 ක් lagging වීමට බලපානු ලැබේ.

පරිපුර්ණ (ideal) ධාරිත්‍රකයක මේ phase angle එක අංශක 90 ක් leading. ධාරිත්‍රකයක දෙපස වෝල්ටීයතාව එය හරහා ධාරාව සහ කාලය අතර සම්බන්ධතාව අපට මෙහෙම පෙන්නන්න පුලුවන්.
I = C dv/dt

ධාරිත්‍රකයක ගැනයි Reactive Power ගැනයිත් තව කියන්න ඕන..........
තව වැඩි විස්තර ඕන නම් මෙන්න මේ වෙබ් ලින්කුව වෙත යන්න.
ඒත් දැනට මේ ඇති වගේ ඉතිරිය කුණු මල්ලට යතා කාලයේදී තතා අයුරෙන් වැටේවි!!



Wednesday, September 12, 2012

ජබර

ජබර නම ඇහුවම හබරල ගාලක් මතක් වෙයි! ඒත් මේක කාඩ් ගේම් එකක්. මමත් මේ ඇඟේ අමාරැවට යාලුවො කට්ටියක් එක්ක හන්තානෙ බඩගාන්න ගිහින් තමයි දැනගත්තෙ. (නැග්ග කියන්න බැරි නිසයි බඩ ගෑව කිව්වෙ) අධයාපනය වෙනුවෙන් ආචාර්යවරැන් ගෙනියන අරගලය නිසා කැම්පස් ටික හාවක් හූවක් නැතුව වහල දාල තියෙන වෙලාවෙ අපිත් යන්තං පැනගත්තෙ.

මේක බොහොම නම ගිය අයිටම් එකක් ඒත් දන්නෙ නැති හැමෝටම දැනගන්න මම ඉතින් පුලුවන් විදියට විස්තර කරන්නම්!

අපට හන්තානෙ බඩගාන්න දිවිහිමියෙන් උදව් කලේ පේරාදෙණියෙ ඉංජිනේරැ පීඨෙ සිරා මල්ලිල ඩබලක් ජෙනින්ස් හොස්ටල් එකේ කාමරේක මහ රැ ජබොස් ගහමු කියල මුලින්ම කිව්වෙ කුරැවිට පැත්තෙ සාඩම්බර තේ වතු හිමියෙක්. කොහොම හරි දන්න අයයි නැති අයයි ඔක්කොම සෙට් වෙලා වැඩේ පටන් අරන් අන්තිමට ඉවර කලේ පාන්දර 3ට විතර. වැඩේ ඒ තරමට නැගල ගියා!!!


මෙන්න මෙහෙමයි වැඩේ වෙන්නෙ! කැමති ගානකට සෙට් වෙන්න පුලුවන්. (ඒ උනාට එක පැක් එකක කොල 52 හැමොටම බෙදුවාම එක්කෙනෙක්ට කොල 5 ක් 10 ක් වත් නැත්තම් වැඩක් නෑනෙ) කොහොමහරි සෙට් වෙන ගානක් සෙට් වෙලා කවුරැහරි පින්වතෙක් ඉතින් හා හා පුරා කියල කොල ටික අනල කරල ගන්නකෝ. ඊට පස්සෙ ඉන්න ගානට එක්කෙනාට එක කොලේ ගානෙ දකුණු පැත්තට රවුමට කොල ටික ඉවර වෙනකන් බෙදාගෙන යන්න. දැන් හැමෝම අතේ කොල තියෙනවාන. හරි දැන් තියෙන්නෙ ගේමට වැඩේ පට්ටාන් ගන්න!!!

මේකෙ කරන්න තියෙන්නෙ මුලින්ම තමන්ගෙ අතේ තියෙන කොල ටික ඉවර කරගන්න එක! ලොකුම කොලේ 2 (ජාති භේද ආගම් භේද තුරැම්පු මුකුත් ලොකුම කොලේට නෑ හොඳේ හැම එකක්ම 2ට යටයි!). එතකොට ආසියට මොකද උනේ?? අනේ මන්ද එහෙම තමයි! අනිත් හැම ගේමෙම ගානකටවත් ගන්නැති 2ටයි මෙතන තැන! 3 තමයි අඩුම කොලේ!

හරි දැන් පළවෙනි රවුමෙදි මුලින්ම කොලේ ලැබුන කෙනාට තමයි පිටියට කොලයක් දැමීමේ මහඟු අවස්තාව. එයාට ඕනම කොලයක් දාන්න පුලුවන්. එක පාරට එක කොලයක් විතරක් නෙවෙයි සෙට් හදල දාන්නත් පුලුවන්. ඒ කිව්වෙ තමන් ගාව එකම ජාතියෙ (එකම වන්සෙන් නෙවෙයි) කොල තියෙනවනම් ( උදා - රැවිත 7 හාරත 7 කලාබර 7 , ස්කෝප්ප බූරැව හාරත බූරැව .....වගේ සෙට්) ඒ ඔක්කොම එකපාර දාන්න පුලුවන්. තව එකම වන්සෙ එක ළඟ කොල සෙට් තියෙනවනම් (උදා - හාරත 5 හාරත 6 හාරත 7 , ස්කෝප්ප බූරැව ස්කෝප්ප පොරව .... වගේ සෙට්) ඒ ඔක්කොමත් දාල තමන් ගාව තියෙන කාල ඉක්මනට ඉවර කරගන්න පුලුවන්.

හරි දැන් පළවෙනිය දැම්මාම එයාට පස්සෙ ඊළඟට ඉන්න කෙනාට චාන්ස් එක. එයාට තියෙන්නෙ කලින් කෙනා දාපු පිටියෙ උඩින්ම තියෙන කොලේට හරි කොල සෙට් එකට හරි අගයෙන් වැඩි කොල තමන් ගාව තියෙනවනම් ඒව දාල තමන්ගෙ කොල අඩු කරගන්න. ඒත් ඉතින් කලින් කෙනා දැම්මෙ එක කොලයයි නම් දැනුත් දාන්න වෙන්නෙ එක කොලයයි. කලින් කෙනා කොල සෙට් එකක් දාල නම් අපටත් කොල සෙට් එකක්ම දාන්නත් වෙනව. ඒත් ඊට වඩා අගයෙන් වැඩි ඒ දාපු විදියටම. ඒ කිව්වෙ කලින් කෙනා දාල තියෙන්නෙ එකම ජාතියෙ කොල X ප්‍රමානයක් නම් අපටත් ඕන වන්සෙක එකම ජාතියකින් ඊට වඩා අගයෙන් වැඩි කොල X ප්‍රමානයක්ම දාන්න වෙනව. බැරි වෙලාවත් කලින් කෙනා එකම වන්සෙ එක ළඟ කොල  කොල X ප්‍රමානයක් දාලනම් අපටත් කැමති වන්සෙක  එක ළඟ කොල  කොල X ප්‍රමානයක්ම දාන්න වෙනව. හැබැයි  කැමතිනම් අත පාස් කරන්නත් පුල්වන්. හැබැයි ඉතින් තනි කොලේට 2 කොලයක් හරි කොල සෙට් එකට 2කොල සෙට් එකක් හරි දාන්නත් පුලුවන්.

මේ විදියට රවුමට යන්නයි තියෙන්නෙ. මෙහෙම රවුමට යද්දි අන්තිමට දාපු කොලේට වඩා වැඩි කොලයක් කවුරැත් දාන්න කැමති නැත්තම් එතනින් ඒ රවම ඉවරයි. දැන් අලුත් රවුමෙ මුලින්ම කොලේ දාන්න චාන්ස් එක අර කලින් රවුමෙ වැඩිම කොලේ දාපු වාසනාවන්තයට. දැන් තින් එයාට තමන් ලඟ තියෙන අඩු කොල එහෙම වට්ටන්න පුලුවන්. කලින් අතේ 2 කොල එහෙම වැටුනනම් ඉතින් කතා 2ක් නෑනෙ මොකද ඊට වඩා වැඩි කොල නැතිනිසා.

මේ විදියට දිගටම රවුම යද්දි මුලින්ම එක්කෙනෙක් කොල ටික හලා ගන්නව ඊළඟට දෙවෙනිය අන්තිමට අන්තිමයෙක් ඉතුරැ වෙනව. දැන් තෑගි දෙන්නයි තියෙන්නෙ. තෑගි මෙන්න මේව!!!


මුලින්ම අන්තිමයට දෙමු! අන්තිමය තමයි ඊළඟ අතට අනන්නෙ තව පළවෙනියට තෑගිදෙන්නෙත් අන්තිමය. දෙවනියට හම්බෙන තෑග්ග තමයි එයා තමයි ඊළඟ අතේ මුලින්ම කොල හලන්න පටන් ගන්නෙ. දැන් බලමු පළවෙනියට මොකද වෙන්නෙ කියල? පළවෙනියට පුලුවන් තමන්ට ඊළඟට ලැබෙන කාඩ් අතේ තමන් කැමති කොලයක් අන්තිමයට දෙන්න. ගොඩක් වෙලාවට ඕක ඉතින් හලාගන්න අමාරැ පොඩි කොලයක් තමයි ඉතින්! ඒ වෙනුවට අන්තිමයට සිද්ද වෙනව තමන් අතේ තියෙන කාඩ් වලින් හො‍ඳම කොලේ දෙන්න.

කොහොමද හො‍ඳයි නේද වැඩේ??

කරල බලන්නකෝ!! මේක කියවල ඉවරවෙලා මාව පොඩ්ඩක් මුරැන්ග අත්තෙ තියන්න ගුණ දොස් විචාරල යන්නත්  අමතක කරන්න එපා. මොකද මේ මගේ පළවෙනි බ්ලොග් එක!!! තව මොන මොනව ලියාවිද දන්නෙ නැති නිසා කුණමල්ල කියල නම දැම්මෙ! බ්ලොග් එක හදද්දි නමක් ඉල්ලනකොට ලියන්නෙ මොනවද කියල හිතල තිබුනෙ නෑ. වැඩේ ඉවර වෙලා ලියන්නෙ මොනවද කියල හිතද්දි තමයි මේක මතක් උනේ! තව මීට වඩා වැදගත් දේවල් ලියන්නත් හිතෙනව දැන් නම්.

දැනට මේ ඇති ඊළ‍ඟට කුණුමල්ලට වැටෙන්නෙ මොනවද කියල පස්සෙ බලමු!